ව්‍යාජ අනුකරණ සටනින් UJALA ජයගනී

1 Oct 2017

ඉන්දියානු බහු නිෂ්පාදන සමාගමක් Jyothy Laboratories සමාගම ගෘහ සත්කාර කර්මාන්තයේ පෙරමුණේ පසුවන අතර, මෙරට තුළ සිදුවුණ මහාපරිමාණ ව්‍යාජ අනුකරණ ගොදුර බවට ඔවුන් පසුගිය කාලයේ පත්ව තිබිණි. සිය ප්‍රමුඛතම සන්නාමය වන UJALA හා UJALA SUPREME නමින් රෙදි වල නැවුම් බව සහතික කරන දියර වර්ගයක් මෙරටට හදුන්වා දෙන ලදී. ඔවුන්ගේ නිෂ්පාදන ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවකට අපනයනය කරනු ලබන අතර ඒවා වසර 20කට වැඩිකාලයක් වෙළදපොලේ පවතී.